20130722

ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස




හැදෑරීමත් නිර්මාණකරණයත්
වෙන වෙනම කළ යුතුයි.

 බොහෝ දෙනෙක්
කෙළින්ම නිර්මාණ කරණයට බැහැලා
වරදින් තැන්වලින් තමයි
හැදෑරීම
ක් කරන්නෙ.

රාමුව තුළ රටා සම්පිණ්ඩණයෙදි
රේඛා, වර්ණ, හැඩතල,
එළිය අඳුර ආදී
සාධක ගණනාවක් පිළිබඳ
සිතිය යුතුයි.
නිර්මාණකරණයෙදි නෙවෙයි,
හැදෑරීමෙදි වත්
මේ සියල්ලම එකවර දකින්න
පුහුණුවකින් තොරව බැහැ.

හදාරන කොට එක් එක් සාධකය
තනි කරගෙන කරන්න පුලුවන්.

එහෙම වෙන වෙනම හදාරලා
දක්ෂ ශිල්පීන් මේ සාධක
භාවිතා කරන ආකාරයත් දැකලා
ඇසත් හිතත් හුරු වුණාම
ඡායාරූපය ගනිද්දි
ඉබේට පිහිටනවා...
ගණන් හදන කොට
චක්කරේ පිහිට වෙනව වගේ.

ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

------------------------------------------------------------------
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
 ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...

එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..



රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.
-----------------------------------------------

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්. 

http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg



ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.

අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.


වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.

ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.

ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.

ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.

එහෙත්,
 ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්න
ඇස පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

ඡායාරූපයක් ගනිද්දි
රීති අමතක කරල ඡායාරූපය ගන්න
එසේ පුහුණු අභ්‍යාස කිරීම අවශ්‍යයි.
================================================


ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්නට ඇස පුහුණු කිරීම

 
ඉහත දැක්වෙන ඡායාරූපයෙ නෙලුම් මල
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
වරින් වර යොදා කපන්න පුලුවන්.

පළමුව
රාමුව ස්වර්ණමය අනුපාතයට සමීප වන ලෙස
අනුමානයෙන් සිතා...
නෙලුම් මල ඔබට සිතෙන පරිදි
ස්වර්ණමය ලක්ෂ්‍යයට යොදා කපන්න.

ඉන් පසුව පහත දැක්වෙන ලින්ක් එකෙන්
http://www.mediafire.com/?c415daglc8jzc53
ස්වර්ණමය වක්‍රය බාගත කරගෙන
පළමුව ස්වර්ණමය වක්‍රය නැතුව
වක්‍රයට කපන්න.

ඉන් පසුව වක්‍රය ඔබේ ක්‍රොප් එක මතට වක්‍රය යොදල බලන්න.
වෙනස සසඳන්න.
ඔබේ ක්‍රොප් එක වක්‍රය සමීපයට ආවොත් ඒ ඇති.




වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..

මෙවැනි සරල පසුබිමක කිසිවක් තබා
ස්වර්ණමය රීතියට ඡායාරූප ගන්න..

ඔබේ ඡායාරූප මතට
ස්වර්ණමය වක්‍රය යොදා වෙනස සසඳන්න.



වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..


ඉහත දැක්වෙන ඡායාරූපයේත්
අරමුණ ලෙස සඳ  යොදා ගෙන
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
වරින් වර යොදා කපන්න.


======================

අභ්‍යාසයෙන් බැහැරව ඡායාරූප ගන්නා විට

රීතියට වහල් නොවී 

නිදහසේ රාමුව සකසන්න.

හැදෑරීමත් නිර්මාණකරණයත්වෙන වෙනම කළ යුතුයි.
 ==============================================================





20130707

හැදෑරීමත් නිර්මාණකරණයත් වෙන වෙනම කළ යුතුයි.



හැදෑරීමත් නිර්මාණකරණයත්
වෙන වෙනම කළ යුතුයි.
බොහෝ දෙනෙක්

කෙළින්ම නිර්මාණ කරණයට බැහැලා
වරදින් තැන්වලින් තමයි
හැදෑරීම කරන්නෙ.

රාමුව තුළ රටා සම්පිණ්ඩණයෙදි
රේඛා, වර්ණ, හැඩතල,
එළිය අඳුර ආදී
සාධක ගණනාවක් පිළිබඳ
සිතිය යුතුයි.
නිර්මාණකරණයෙදි නෙවෙයි,
හැදෑරීමෙදි වත්
මේ සියල්ලම එකවර දකින්න
පුහුණුවකින් තොරව බැහැ.

හදාරන කොට එක් එක් සාධකය
තනි කරගෙන කරන්න පුලුවන්.

එහෙම වෙන වෙනම හදාරලා
දක්ෂ ශිල්පීන් මේ සාධක
භාවිතා කරන ආකාරයත් දැකලා
ඇසත් හිතත් හුරු වුණාම
ඡායාරූපය ගනිද්දි
ඉබේට පිහිටනවා...
ගණන් හදන කොට
චක්කරේ පිහිට වෙනව වගේ.

පුද්ගලිකව..
මම කරන්නෙත්
නිර්මාණකරණයක් නෙමෙයි.
නිරන්තර හැදෑරීමක්.
හොඳ ඡායාරූපයක් තිබුණොත්
අහම්බයක් මිස නිර්මාණයක් නෙමෙයි.

20130706

01 [ වර්ණ සංකලන ] --ඡායාරූපයක විශේෂිත සාධක හුරුව






ඡායාරූපයක අගය තීරණය වීමට
බොහෝ සාධක බලපානවා.

වර්ණ, හැඩතල මෙන්ම රේඛා,
ආලෝකය, අඳුර, පර්යාලෝකය,
මතුපිට පෘෂ්ඨික ස්වභාවයන්... ආදිය
ඡායාරූපයක සිත් කලු බවට බලපානවා.


වර්ණ රටාව සහ වර්ණ අතර රිද්මය එක් වැදගත් සාධකයක්.

ස්ටීව් මැක්කරි වර්ණ සංකලනයක රිද්මය
ඉතා හොඳින් හඳුනන ඡායාරූප ශිල්පියෙක්.

මෙහි වර්ණ රටාව නිසා ඡායාරූපයත්,
එම වර්ණ රටාවෙන් වටවූ
ඇගේ සුවිශේෂී බැල්මත්
පසුබිම සමග සැසඳෙන කොළ පැහැති දෑසත්
මෙම ඡායාරූපයෙහි සාර්ථකත්වයට
හේතු වූ බව පැහැදිලියි.

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc1/1039627_10200210747738094_745088501_o.jpgPhoto by Steve McCurry


වර්ණ රටාව සහ වර්ණ අතර රිද්මය
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/944450_10200204094891777_834166573_n.jpg


වරණ වල සංගත බව 


ප්‍රතිවිරෝධී ගුණ 
 
ආදිය මත
වර්ණ මූලිකව ඡායාරූපයක්
සිත් කලු වෙනවා.


වර්ණ, හැඩතල මෙන්ම රේඛා,
ආලෝකය, අඳුර, පර්යාලෝකය,
මතුපිට පෘෂ්ඨික ස්වභාවයන්...
ආදිය ඡායාරූපයක් තුළ
සිත්ගන්නා අයුරින් සම්පිණ්ඩණය කර ගැනීම
ඡායාරූප ශිල්පියෙකුගේ
ප්‍රධානම අහියෝගයයි.

මෙම තෝරාගැනීම් කරන්නට ඔහුට ඇත්තේ
ඉතාම සුළු කාලයක් විය හැකියි.
කාලය තිබුණත්
තෝරාගන්නට ඇති විකල්ප
සිය දහස් ගණනක් විය හැකියි.

ඡායාරූපයෙන් මතුවන පණිවිඩය,
ව්‍යන්ගයෙන් පැවසෙන කතන්දර
ආදිය දෙවනුව සලකා බැලිය හැක.

නවක ඡායාරූප ශිල්පියෙකුට
පහසුවෙන් යෙදිය හැකි
සරල අභ්‍යාසයක් නම්
මෙම සාධක තනිව හැදෑරීමයි.
http://abduzeedo.com/files/styles/blog_teaser/public/originals/s/shapes-04.jpg
උදාහරණයක් ලෙස
සිත්ගන්නා සුළු රිද්මයක් ඇති
වර්ණ රටාවක් දුටු විගස
ඡායාරූපයට නැගීම
දැක්විය හැක.
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQeDFsvt0Zm9A3vST3oISXgVokvhxTIJyq_w71IIwwi9pRxMOHS

එම ඡායාරූපයේ අනික් ගුණාංග
දුර්වල විය හැක.
අනික් ගුණාංග නැත්තටම
නැතිවිය හැක.

එහෙත් ඔබ හුරු කරන සාධකය
ඔබ ගුණාත්මක ඡායාරූපයක් ගන්නා විට
නිරායාසයෙන්ම සිත් ගන්නා සුළු ලෙස
එහි අගය වැඩිවෙන අයුරින්
සම්පිණ්ඩණයට උපකාරී වනු ඇත.

ඔබ ගන්නා එවැනි ඡායාරූප
මෙම ඇල්බමය තුළ පළ කරන්න.
https://www.facebook.com/media/set/?set=oa.372059576229414&type=1

තෝරා ගන්නා ඡායාරූප
මෙහි විශේෂිත පිටුවල
පළ කෙරෙනු ඇත.
-------------------------------------------------------------------------------------

සරල උදාහරණයක්


 පහත දැක්වෙන ඡායාරූපයෙහි
කහ කළු අලු වර්ණ රටාව හැරෙන්නට වෙනත් විශේෂයක් නැහැ.




කහ වර්ණ රටාව



කළු  වර්ණ රටාව


 වෙනත් කිසිම ගුණයක් නැතත්
වර්ණ රටාවෙ සුන්දරත්වයම නිසා
ඡායාරූප ගැනීමට පුහුණු වීමෙන්
කිසියම් වැදගත් ඡායාරූපයක් ගන්නා විටත්
ඒ ඡායාරූපය තුළ වර්ණ රටාව
සිත් ගන්නා සුලු අයුරින් සැකසීම
නිරායාසයෙන්ම සිදු වෙනවා.

 -------------------------------------------------------------------------------------

වර්ණ පිළිබඳ බ්ලොග් සටහන් කිහිපයක්.

 වර්ණ රිද්ම සංකලන
වර්ණ සිද්ධාන්ත
උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
රතට රතේ රතු..