20130605

ඡායාරූපයක් නිර්මාණය කරමු. 001




ඔටුවන් පේළිය සහිත ඡායාරූපය
එක් එක් පසුබිම සමග මිශ්‍ර කිරීමෙන්
වෙනස් ආකාරයෙ ඡායාරූප සාදාගත හැක

ඔටුවන් පේළිය PSD file eka
පසුබිම් තුනක් සහිතව
==========Download Link==========

  ගුණාත්මක දියුණුව සඳහා
සංස්කරණය කිරීම අවශ්‍ය නැත.
අවශ්‍ය වන්නේ 
ඇසට ප්‍රිය රිද්මයක් හා
හැඟීමක් පහළ වන අයුරින්
මනාව සම්පිණ්ඩණය කිරීමයි.

ඔබ කැමති ප්‍රමාණයක් පළ කළ හැක.

මෙහි අරමුණ
ඡායාරූපයක් තුළ
සමස්ත රිද්මය හා
හා සම්පිණ්ඩණ රටාව දැකීමට
ඇස සහ සිත හුරු කිරීමයි.
ඔටුවන් පේළිය
ප්‍රමාණයෙන් කොපමණ විය යුතුද,
කෙසේ ස්ථානගත විය යුතුද යන
ගැටළු දෙකට පිළිතුරු සෙවීමට
ඔබට සිදුවේ.

අවශ්‍ය වන්නේ වර්ණ, හැඩතල,
එළිය අඳුර, රේඛා ආදියෙහි
රිද්ම රටා දැකීමත්
ඒවා මනාව සම්පිණ්ඩණය වන
රූප රාමු සකස් කර ගැනීමත්ය

ඡායාරූප අන්තර්ජාලයෙනි
======================
ඔබ කැමති ආකාරයට සකස් කර
මෙම ගොනුවෙහිම පළ කරන්න.

මේ ලින්ක් එක භාවිතා කොට
Add Photos මගින් Upload කරන්න
http://www.facebook.com/media/set/?set=oa.413531365368793&type=1

20130602

චිත්‍රපටියකින් ඡායාරූප ගන්න





අද සත්‍යජිත් රායිගෙ
අපුර් සංසාර් බැලුවා.

බලද්දි මට හිතුණා
හොඳ රාමු ටිකක් ගන්න  ඕන කියල.

VLC player එකේ Shift + S ගැහුවාම
රාමුව Folder එකකට කොපි වෙනවා.
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/553415_3915503892755_475021737_n.jpg
ඒක හරියට හොඳට හදපු පසුබිමක
නිදහසේ ඡායාරූප ගන්නවා වගෙයි.

අනාවරණය ආදිය ගැන
කරදර වෙන්න ඕනත් නෑ.

රාමුව දිහා බලන් ඉඳල
හොඳට ස්ථාන ගතවෙන තුරු බලා ඉඳල,
හොඳ හැඟීමක් එනතුරු බලා ඉඳලා
ගන්න පුලුවන්.

පසුබිමට අදාලව ස්ථානගත කිරීමත්,
තීරණාත්මක මොහොතෙදි ක්‍රියාත්මක වෙන්නත්
ඉබේම හුරුවෙන්න හොඳ අභ්‍යාසයක්.

රායි, කුරොසාවා,බර්ග්මාන් වගේ
විශිෂ්ඨ සිනමා කරුවන්ගෙ
චිත්‍රපටි තෝරා ගැනීමෙන්
ඇසටත් හිතටත් ලැබෙන
පුහුණුවත් හොඳයි.


.











CROP පුහුණුව






එක ඡායාරූපයක් තුළ
තවත් විවිධ ඡායාරූප දැකීමට ඔබේ ඇස සහ සිත හුරු කිරීමෙන්
ඡායාරූප ගත කරන දර්ශනයක අවශ්‍ය ප්‍රදේශය තෝරා ගැනීමට
සහ සංස්කරණයේදී CROP කිරීමට පුහුණු වීම.



ඡායාරූපයකින්
ප්‍රධානවශයෙන්ම පිළිබිඹුවන්නේ
ඡායාරූපය ගත් ඡායාරූපශිල්පියාමය.

ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය,
ඔහුගේ සිහිය,
අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව,
අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ
අරමුණ සමග එකවරම දැකීමේ හැකියාව,
ඔහු බලන කෝණය,
සමීප, මධ්‍යම හෝ දූර රූපීය බව,
සුන්දරත්වය දැකීම -
එනම් වර්ණ , රේඛා, හැඩතල ආදියෙහි
අන්‍යෝන්‍ය රිද්මය විඳීමට හා
සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව,
ඡායාරූප ශිල්පියාගේගේ දරා සිටීමේ හැකියාව,
ජීවිතය දෙස ඔහු බලන ආකාරය,
ඔහු හොඳ නරක දකින ආකාරය,
ඔහුගේ මානව දයාව හෝ දුෂ්ඨ කම ආදියත්
මේ සියල්ලටම වඩා
ඔහුට රසිකයා පිළිබඳ ඇති ගෞරවය හා විශ්වාසයත්
ඔහුගේ ඡායාරූපයෙන් පිළිබිඹු වෙයි.

ඡායාරූප ශිල්පියෙක්
කිසියම් සුන්දර දර්ශනයක් දුටුවිට
එම මුළු දර්ශනයම,
ඇසට පෙනෙන අයුරින්ම
ඡායාරූපයට නගන්නේ නැත.

ඔහු ඡායාරූපය ඉදිරිපත් කිරීමේදී
රසිකයා තුළ ඇතිවෙන හැඟීම පිළිබඳව
ඔහුගේ අත්දැකීම මත පදනම් වූ
අනුමානයක් ඔහු තුළ වෙයි.
ඒ අනුව ඔහු එම දසුනෙහි
ඔහුට රිසි හැඟීම දනවන
සාරවත්, රසවත්, හරවත් දෙයක්
තෝරාගනියි.

ඊට ගැලපෙන
වර්ණ, හැඩතල ආදිය
රිද්මයානුකූලව සංකලනය වූ
පසුබිමක් සැකසෙන අයුරින්
නිසි කෝණයක් තෝරාගනියි.

ඔහු විශේෂයෙන් දුටු
සාරවත් බව, රසවත් බව, හරවත් බව
උද්දීපනය කළ හැකි
නිශ්චිත දේවල් පමණක් තෝරාගෙන
ඡායාරූප ගත කරයි.

බොහෝ විට එම ඡායාරූපය තුළද
වෙනස් හැඟීම් පහළ කරවන
තවත් රූප රාමු තිබිය හැක.

කැමරාව ගෙන ඉදිරියට යාමෙන්
හා zසූම් කිරීමෙන්
ඡායාරූප ශිල්පියා
එම රූප රාමු සොයා ගනියි.
මෙහි ඉදිරිපත් කර ඇති ඡායාරූප දෙසත්
ඒ අයුරින්ම බලන්නට
මෙම අභ්‍යාසයේදී
ඔබට සිදුවේ.

මෙම අභ්‍යාසයෙහි අරමුණ
සංස්කරණය නොවේ.
මුල් ඡායාරූපයට වඩා
විශිෂ්ඨ ඡායාරූප නිමැවීමද නොවේ.
 ඔබ දක්ෂයෙක් නම්
නිතැතින්ම එය සිදුවනු ඇත.

මෙහි අරමුණ
එකම ඡායාරූපයක් තුළ
වර්ණ, හැඩතල ආදිය රිද්මයානුකූලව සංකලනය වූ
ව්විධ ඡායාරූප දැකීමට ඔබේ ඇස සහ සිත හුරු කිරීමයි.


ඔබ කළ යුත්තේ
අප විසින් දෙන ලද
ඡායාරූපයක් නැවත ක්‍රොප් කිරීමෙන්
ඒ තුළම ඇති වෙනස් ආකාරයේ
ඡායාරූප සෙවීමයි.

ආරම්භයේදී
ඔබ ඉදිරිපත් කරන ඡායාරූප
සාමාන්‍ය මට්ටමේ
ගුණාත්මක අගයක් තිබීම
ප්‍රමාණවත්ය.

අවශ්‍ය වන්නේ වර්ණ, හැඩතල,
එළිය අඳුර, රේඛා ආදියෙහි
රිද්ම රටා දැකීමත්
ඒවා මනාව සම්පිණ්ඩණය වන
රූප රාමු තෝරා ගැනීමට
ඇසත් සිතත් හුරු කර ගැනීමයි.

ඔබට එක ඡායාරූපයකින්
කපාගත හැකි උපරිමය
කපා ගන්නට උත්සාහ කරන්න

මෙම හුරුව ඡායාරූප ගන්නා විට
ඔබට ප්‍රයෝජනවත් වනු ඇත..

ඉහත දැක්වෙන උදාහරණය අනුව අනිත් ඡායාරූප ක්‍රොප් කරන්න.
ඔබට අවශ්‍ය ඡායාරූපය මත ක්ලික් කරන්න.
එහි විශාලනය වූ ඡායාරූපය බාගත කරගන්න

=====================================

මේ යසන්ත බුද්ධික විසින් කළ ක්‍රොප් කිහිපයක්.
 Cropped by Yasantha Buddhika Gamage

ඔබට ස්තූතියි යසන්ත. :)
අති විශිෂ්ඨ ක්‍රොප්  කිහිපයක්ම තියනවා..

ඔබ වස්තූන්වල රිද්මය සහ  ත්‍රිමාණ රූපී බව සලකා බලා තියනවා..

ඕනම ඡායාරූපයක්  මේ විදියට ක්‍රොප් කරන්න පුලුවන්.

ඒත් හොඳ ක්‍රොප් ගොඩක් ලබන්න නම්
ස්ටීව් මැක්කරි වගේ කෙනෙකුගෙ ඡායාරූපයක්ම
තෝරාගත යුතුයි.
=================================================



 
බොහෝ දෙනෙකුට අභ්‍යාස වෙන්නෙ
තමන් ගන්නා ඡායාරූප විතරයි.

නවක වුණත් ප්‍රවීණ වුණත්
ඡායාරූප ශිල්පීන් අමතරව අභ්‍යාස කළ යුතුයි.

ඇත්තටම
ඡායාරූපයක් ගන්න වෙලාවටම
මේ දේ කැමරාවෙන්ම කරගන්න
මනස හුරු කිරීමයි
මේ අභ්‍යාසයෙන් සිදුවෙන වටිනාම දේ
සහ මූලික අරමුණත් විය යුත්තෙ.



පරිගණකය ඉදිරියෙ වාඩි වෙලා
නිදහසේ විවිධ කෝණ වලින් සිතමින්
ක්‍රොප් ගොඩක් කරල
මේ අභ්‍යාස වලින් මනස හුරුවෙනකොට..
කැමරාව අතේ තියාගෙන ඉන්න වෙලාවට
ඉක්මන් තීරණ ගන්න මනස හුරු වෙනවා.

වෙන අයගෙ ඡායාරූප දකිද්දිත්
ඒ තුළ තවත් ඡායාරූප දකින්න
මනස හුරු වෙනවා.

එහෙම ගත්ත ඡායාරූප
වැරදිලා ගිය වෙලාවට
සංස්කරණයෙදි ගොඩදාගන්නත්
ප්‍රයෝජන ගන්න පුලුවන්.













සම්පිණ්ඩණය කරනකොට
වස්තූන් වලට වඩා
හැඩතල හා වර්ණ පදාස දකින්න
ඇහැ හුරු කරගන්න.
කිසිම හේතුවක් නැතුව
වර්ණ පදාස රූප ගතකරල
ඇහැ හුරු කරගන්න..

මෙත්ත සේන කියනව වගේ
රිද්මය දුටු තැන ක්ලික් කරන්න.
වෙනත් ගතයුත්තක්
තියනවද කියල
පස්සෙ බලන්න.


Photos by Steve McCurry http://stevemccurry.com/
=========================================
මේ සටහනත් බලන්න

01A අරමුණ ස්ථානගත කිරීම.







මේ ඉතා වැදගත් අභ්‍යාසයකි.

ඉතා සරල අභ්‍යාසයක් මෙන් සිතුණත්
මෙය නිවැරදිව කරන්නට නම්
ඔබට පුළුල්ව දැකීමේ හැකියාව තිබිය යුතුය.
මුළු ඡායාරූපයම සමස්තයක් ලෙස
දැකීමේ හැකියාව තිබිය යුතුය.
එසේම මෙම අභ්‍යාසයෙහි යෙදීමෙන්
එම හැකියාවද දියුණු වෙයි.



https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/431718_3901375179546_664424104_n.jpg


1, මෙම PSD File එක DOWNLOAD කරගන්න.
http://www.mediafire.com/download.php?6c5tp9fpi6qiksz
ඔබ වෙනස් කල යුතු රූපය
වෙනම Layer එකක ඇත.

2, Photoeshop මෘදුකාංගයෙහි
TRANSFORM TOOL එක උපයෝගී කර ගනිමින්
මෙහි ඇති නොගැලපෙන මිනිසා
සුදුසු තැනක් තෝරා මිනිසා එතැන ස්ථානගත කොට
එතැනටත්, අවට ඇති අන් අයටත්,
මුලු රූපයටත් ගැලපෙන පරිදි
මිනිසා ලොකු කුඩා කොට සකස් කරන්න.


3, මුල් පසුබිම් රූපයෙහි හා මිනිසාගේ රූපයෙහි
වෙනත් කිසිදු සංස්කරණයක්, කිසිම වෙනසක් නොකරන්න.
4, මෙහි මූලික අරමුණ මිනිසා ස්ථානගත කිරීම නොව
සමස්ත රාමුවටත්, එහි ඇති මිනිස් රූප වලටත් පරිසරයටත් ගැලපෙන පරිදි
ස්ථානගත කිරීම සහ ප්‍රමාණාත්මකව සැකසීම පමණි.


==================================================
ඉන් පසු එහි JPEG File එකක්
මෙම ඇල්බම් එක තුළ පළ කරන්න.
https://www.facebook.com/media/set/?set=oa.496754400426597
==================================================

ඔබ මෙතෙක් රිද්ම සංකලන සමූහයේ
සාමාජිකයෙකු නොවේ නම්
ඒ සඳහා ඉල්ලුම් කරන්න.

---------------------------------------------------------------------------------------------------------
උදාහරණ කීපයක්

https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/481030_236091476518840_299827607_n.jpg

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/536558_401741829892562_1718099740_n.jpg

https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/545368_4666271383088_785168924_n.jpg