20130722

ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස




හැදෑරීමත් නිර්මාණකරණයත්
වෙන වෙනම කළ යුතුයි.

 බොහෝ දෙනෙක්
කෙළින්ම නිර්මාණ කරණයට බැහැලා
වරදින් තැන්වලින් තමයි
හැදෑරීම
ක් කරන්නෙ.

රාමුව තුළ රටා සම්පිණ්ඩණයෙදි
රේඛා, වර්ණ, හැඩතල,
එළිය අඳුර ආදී
සාධක ගණනාවක් පිළිබඳ
සිතිය යුතුයි.
නිර්මාණකරණයෙදි නෙවෙයි,
හැදෑරීමෙදි වත්
මේ සියල්ලම එකවර දකින්න
පුහුණුවකින් තොරව බැහැ.

හදාරන කොට එක් එක් සාධකය
තනි කරගෙන කරන්න පුලුවන්.

එහෙම වෙන වෙනම හදාරලා
දක්ෂ ශිල්පීන් මේ සාධක
භාවිතා කරන ආකාරයත් දැකලා
ඇසත් හිතත් හුරු වුණාම
ඡායාරූපය ගනිද්දි
ඉබේට පිහිටනවා...
ගණන් හදන කොට
චක්කරේ පිහිට වෙනව වගේ.

ස්වර්ණමය රීතිය හෝ වෙනත් රීති කියන්නෙ
නිර්මාණ කළයුතු නිශ්චිත ක්‍රම වේදයන් නොව
සොබා දහමෙ සමබරතාවය රකින හෝ බිඳින පොදු රටාවන් අනුව
මිනිස් මනස හැසිරෙන ආකාරය පිළිබඳව
ගොඩ නැගුණ සිද්ධාන්ත පමණයි.

------------------------------------------------------------------
ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන
 ස්ටීව් මැක්කරිගෙ ඡායාරූප...

එහි රාමුවෙ පරිමාණය ස්වර්ණමය රාමුවට සමීපයි.
ස්ටීව්  ස්වර්ණමය රාමුව හදාගෙන ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලී ලෙස බිඳෙන ස්වර්ණමය මොහොතෙදි ක්ලික් කරලා..



රාමුවෙ පරිමාණය ස්වර්ණමය රීතියට අනුකූල රාමුවට සමීප වුණත්
කාන්තාව පෙනෙන්නෙ ස්වර්ණමය රීතියට අනුව
සමබරව සිටිය යුතු ස්වර්ණමය ලක්ෂ්‍යයේ ඉඳලා
පහළට බැස්ස වගෙයි.
-----------------------------------------------

ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්. 

http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg



ස්වර්ණමය රීතිය කියන්නෙ
දෘශ්‍ය කලාවෙ එක රීතියක් විතරයි.

අපි දකින ඕනම හැඩතලයක්
ස්වර්ණමය රීතිය යොදලා
ලස්සණට රූ ගත කරන්න පුළුවන්
කියල හිතෙන එක
වෙනත් රීති නොදන්න කෙනෙකුට
සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්.


වර්ණවලට අදාළ රීති තියනවා.
හැඩතල වලට අදාළ රීති තියනවා.

ඡායාරූපයක රාමුව ඇතුළෙ තියන
අන්තර්ගතයට අනුව
අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපාන
රීති පද්ධතියක් තියනවා.

ඒ රීති උපයෝගී වෙන විදිය අනුව
ඇතිවෙන හැඟීම් වෙනස්.

ස්වර්ණමය රීතිය හෝ
වෙනත් රීතියක් කියන්නෙ
රෙඩිමේඩ් ඇඳුමක්.
හැමෝටම ඒක හරියන්නෙ නැහැ.
ගන්නම ඕන නම් අරගෙන
තමන්ගෙ හැඩරුවට ගැලපෙන්න
සකසා ගන්න වෙනවා.

එහෙත්,
 ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්න
ඇස පුහුණු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

ඡායාරූපයක් ගනිද්දි
රීති අමතක කරල ඡායාරූපය ගන්න
එසේ පුහුණු අභ්‍යාස කිරීම අවශ්‍යයි.
================================================


ස්වර්ණමය රීතිය නිවැරදිව උපයෝගී කරගන්නට ඇස පුහුණු කිරීම

 
ඉහත දැක්වෙන ඡායාරූපයෙ නෙලුම් මල
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
වරින් වර යොදා කපන්න පුලුවන්.

පළමුව
රාමුව ස්වර්ණමය අනුපාතයට සමීප වන ලෙස
අනුමානයෙන් සිතා...
නෙලුම් මල ඔබට සිතෙන පරිදි
ස්වර්ණමය ලක්ෂ්‍යයට යොදා කපන්න.

ඉන් පසුව පහත දැක්වෙන ලින්ක් එකෙන්
http://www.mediafire.com/?c415daglc8jzc53
ස්වර්ණමය වක්‍රය බාගත කරගෙන
පළමුව ස්වර්ණමය වක්‍රය නැතුව
වක්‍රයට කපන්න.

ඉන් පසුව වක්‍රය ඔබේ ක්‍රොප් එක මතට වක්‍රය යොදල බලන්න.
වෙනස සසඳන්න.
ඔබේ ක්‍රොප් එක වක්‍රය සමීපයට ආවොත් ඒ ඇති.




වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..

මෙවැනි සරල පසුබිමක කිසිවක් තබා
ස්වර්ණමය රීතියට ඡායාරූප ගන්න..

ඔබේ ඡායාරූප මතට
ස්වර්ණමය වක්‍රය යොදා වෙනස සසඳන්න.



වෙනස අවම වනතුරු පුහුණු වෙන්න..


ඉහත දැක්වෙන ඡායාරූපයේත්
අරමුණ ලෙස සඳ  යොදා ගෙන
රාමුවක ස්වර්ණමය ලක්ෂ්‍ය හතර
වරින් වර යොදා කපන්න.


======================

අභ්‍යාසයෙන් බැහැරව ඡායාරූප ගන්නා විට

රීතියට වහල් නොවී 

නිදහසේ රාමුව සකසන්න.

හැදෑරීමත් නිර්මාණකරණයත්වෙන වෙනම කළ යුතුයි.
 ==============================================================