20130812

රිද්ම සංකලන විෂය නිර්දේශය.






රිද්ම සංකලන වැඩමුළුව
දෘශ්‍ය කලාවේ රීති හා
එම රීතිවල ප්‍රායෝගික ව්‍යවහාරය පිළිබඳව
සරල හැඳින්වීමකි.

මෙවලම් සහ ආදර්ශ
සොයාගැනීමේ, හැසිරවීමේ හා හැදෑරීමේ පහසුව නිසා
ඡායාරූප කලාවට ප්‍රමුඛස්ථානය හිමිවනු ඇත.

රිද්ම සංකලන වැඩමුළුවේ විෂය නිර්දේශය
පියවරෙන් පියවරට සංශෝධනය වන්නකි.

සිසුන්ගේ කැපවීම, දක්ෂතා,
ශක්‍යතා, අවශ්‍යතා, අවශෝෂණ ශක්තිය ආදිය මත
විෂය නිර්දේශය නිරන්තරයෙන් වඩාත් සංවිධිත කිරීම
අනිවාර්යයෙන් අවශ්‍ය වන නිසා
රිද්ම සංකලන  වැඩමුළුව
නිබඳවම පර්යේෂණාත්මක මට්ටමෙන් පැවැත්වෙනු ඇත.

ඔබේ අදහස් හා මත අපට ඉතාම අවශ්‍යයි.

"මගේ අදහස් හා මත 
ඔබ අනිවාර්යයෙන් පිළි ගතයුතුය"
යන මානයෙන් බැහැරව
ඔබේ අදහස් හා මත අපට පිළිගන්වන්නට
ඔබට ඉත සිතින් ආරාධනා කරමු.

අදහස් දැක්වීම සඳහා
ඔබ මෙහි සාමාජිකත්වය ගැනීම අවශ්‍ය වේ.

පළ කෙරෙනුයේ තෝරාගන්නා ප්‍රකාශ පමණි.




A
  1. ඇස හා දෘෂ්ඨිය
  2. දෘෂ්‍ය කලාව හැඳින්වීම.

----------------------------------------------------
B   


  1. තිත
  2. ලක්ෂ්‍යය 
-----------------------------------------------------
C   


  1. රේඛාව
  2. සරල රේඛාව
  3. වක්‍ර රේඛාව


D
  1. හැඩතලය 
  2. වෘතය
  3. ත්‍රිකෝණය
  4. චතුරස්‍රය
  5. ඍජු කෝණාශ්‍රය
  6. ත්‍රපීසියම
  7. අවිනිශ්චිත හැඩතල


E
  1. ත්‍රිමාණ හැඩතල
  2. ගෝලය
  3. පිරමිඩය
  4. ගොටුව
  5. ඝණකය
  6. බහුමාන හැඩතල


F
  1. වර්ණ
  2. විද්‍යාත්මක නිර්වචණ
  3. දේදුන්න
  4. වර්ණ ප්‍රභේද
  5. සහ සම්බන්ධතාවය
  6. වර්ණ සංඝටක
  7. වර්ණ තීව්‍රතාවය
  8. වර්ණ චක්‍රය
  9. මූලික වර්ණ / ප්‍රාථමික වර්ණ
  10. ද්විතීයික වර්ණ
  11. සංගත වර්ණ
  12. ප්‍රති විරුද්ධ වර්ණ


G
  1. ද්‍රව
  2. ඝන ද්‍රව්‍ය
  3. වාතය
  4. ගින්න


H
  1. සත්වයින්
  2. මිනිසා
  3. අද්භූත සත්වයින්
  4. කල්පිත සත්වයින්


I
  1. චරිතය
  2. ඉරියව්
  3. කායික භාෂාව
  4. කායික සංවාද
  5. හැඟීම්
  6. ප්‍රකාශන

http://www.infofotografi.com/blog/wp-content/uploads/2012/07/putri-golden-spiral.jpg
ස්වර්ණමය රීතිය ඇතුළුව
වර්ණ, රේඛා, හැඩතල ආදියට අදාළ
අනෙකුත් රීති හදාරන්නට අවස්ථාව ලැබෙනු ඇත.

දෙවනුව නිර්මාණාත්මක ක්‍රොප් කිරීම හා
මූලික ඩිජිටල් සංස්කරණ උපක්‍රම හදාරන්නට ලැබෙනු ඇත.
මේ සඳහා
මෙම වැඩමුලුවේ දැනුම මත පදනම්ව
වෙනම වැඩමුලුවක් පැවැත්වීමට ඉඩ ඇත. 
-------------------------------------------------------------------------------------

සිසුන්ගේ කැපවීම, අවධානය හා උද්‍යෝගය මත 
මේ නිර්දේශයෙන් වැඩමුළුවක් තුළ ආවරණය කළ හැකි 
උපරිම ප්‍රමාණය කරන්නට හැකිවනු ඇත..








ශිල්පයක් ප්‍රායෝගිකව ඉගෙනගන්න නම්....








යම් ශිල්පයක් ප්‍රායෝගිකව ඉගෙනගන්න
අවශ්‍යතා තුනක් සපිරෙන්න ඕනෙ.

1, ගුරු
2, විනය
3, සාධනා
----------------------------------------------------

1,
ගුරු කියන්නෙ
මොනව හරි අහල මතක තියාගෙන
ජීවිත කාලෙ තිස්සෙ ඒ ටික උගන්වන
පොතේ ගුරු නෙමෙයි..

ගුරු කියන්නෙ
තමනුත් මාර්ගයෙ යන කෙනෙක්.
අන් අයට මඳක් ඉදිරියෙන් ඉන්න ගමන් තවත් සිසුවෙක්.
ඔහුගෙන් ගෝලයන් ඉගෙන ගන්නවා වගේම
ඔහුත් ගෝලයන්ගෙන් ඉගෙන ගන්නවා.
--------------------------------------------------------------

2,
විනය කියන්නෙ
පියවර පැකිළෙන්නෙ නැතුව
මාර්ගයෙන් පනින්නෙ නැතුව
මාර්ගයෙ යන්න තියන ශක්‍යතාව
සහ සමාධිය
-----------------------------------------

3,
සාධනා කියන්නෙ
නොකඩවා, නොසැලී, එක අරමුණකින්,
හැඟීමෙන් යුතුව නියැලෙන සතත අභ්‍යාසය.