20130812

ශිල්පයක් ප්‍රායෝගිකව ඉගෙනගන්න නම්....








යම් ශිල්පයක් ප්‍රායෝගිකව ඉගෙනගන්න
අවශ්‍යතා තුනක් සපිරෙන්න ඕනෙ.

1, ගුරු
2, විනය
3, සාධනා
----------------------------------------------------

1,
ගුරු කියන්නෙ
මොනව හරි අහල මතක තියාගෙන
ජීවිත කාලෙ තිස්සෙ ඒ ටික උගන්වන
පොතේ ගුරු නෙමෙයි..

ගුරු කියන්නෙ
තමනුත් මාර්ගයෙ යන කෙනෙක්.
අන් අයට මඳක් ඉදිරියෙන් ඉන්න ගමන් තවත් සිසුවෙක්.
ඔහුගෙන් ගෝලයන් ඉගෙන ගන්නවා වගේම
ඔහුත් ගෝලයන්ගෙන් ඉගෙන ගන්නවා.
--------------------------------------------------------------

2,
විනය කියන්නෙ
පියවර පැකිළෙන්නෙ නැතුව
මාර්ගයෙන් පනින්නෙ නැතුව
මාර්ගයෙ යන්න තියන ශක්‍යතාව
සහ සමාධිය
-----------------------------------------

3,
සාධනා කියන්නෙ
නොකඩවා, නොසැලී, එක අරමුණකින්,
හැඟීමෙන් යුතුව නියැලෙන සතත අභ්‍යාසය.




No comments:

Post a Comment