20140111

එක් දින වැඩමුළුවක්




වැඩමුළුවක් පැවැත්වීම
කළයුතුම දෙයක් ලෙස නිතරම හිතුවත්
පවතින තත්වයන් යටතේ
නොකළ හැකි දෙයක් ලෙස
අත්හැරදමා තිබුණා.

මෑතකදී කළ අභ්‍යාසයන් කිහිපයක් නිසා
කළ හැකි ආකාරයක් පිළිබඳව
අදහසක් මතුවුණා.
-----------------------------
එක් දින වැඩමුළුව

1, වැඩමුළුව සම්පූර්ණයෙන්ම වාගේ
අභ්‍යාස මතම පදනම් වූ
ප්‍රායෝගික වැඩමුළුවක් විය යුතුයි.

2, එක් වරකට
හොඳින් තෝරාගත්
එක් පුද්ගලයෙකුට පමණක්
වැඩමුළුව පැවැත්විය යුතුයි.

තෝරා ගැනීමේදී
පහත දැක්වෙන සුදුසුකම් සලකා බලනවා.

ඡායාරූපකරණයට අදාළව
* උනන්දුව හා උද්‍යෝගය.
* වැයකරන කාලය
* පළකරන ඡායාරූප ප්‍රමාණය
* ඡායාරූප පිළිබඳව දක්වන අදහස්
* සංයමය
* නිහතමානි බව
* කීකරුකම
* ස්වාධීන බව
* විනය
* සතත අභ්‍යාසය
* මුහුකුරා යන බව

* අනිවාර්ය සුදුසුකම්
1, දෘෂ්‍ය කලා රීති පිළිබඳ විශ්වාසය
2, දෘෂ්‍ය කලා රීති පිළිබඳ ගෞරවය
3, ලොව සුපතල දක්ෂ ඡායාරූපශිල්පීන් හා
ඔවුන්ගේ කෘති පිළිබඳ දැනුම සහ ගෞරවය.

* පොදුවේ හැමකෙනෙකුටම ඇති
සුන්දරත්වය දැකීමේ සහජ හැකියාව,
අත්‍යවශ‍‍ය නොවන අමතර පහසුකමක්

* මේ සුදුසුකම් ඇති ලෙස රඟපෑම
බරපතල නුසුදුසුකමක් වෙයි.

* එකම ප්‍රති උපකාරය හා පාරිතෝෂිකය.
-ලබාදෙන පුහුණුව උපරිමයෙන් ලබා ගැනීම

--------------------------------------------------
මේ අවස්ථාව ලබාගැනීමට කැමති අය
පුද්ගලික පණිවිඩයක් එවන්න.