20140526

01 රේඛා සම්පිණ්ඩණය



රේඛාව
ඡායාරූප සම්පිණ්ඩණයෙහි ප්‍රධාන සාධකයකි.

බොහෝ ඡායාරූප ශිල්පීන්ට
ඡායාරූපයක රේඛාවල අගය නොතේරෙයි.
පෙන්වා දුන්නත්
රේඛා හඳුනාගත නොහැකි අයද
ඔවුන් අතර ඇත..
==============================================

හැඩතල වල සීමාව රේඛාවක් විදියට
ඡායාරූපයකට බලපානවා.

ඔබට මෙහි දැකිය හැකි රේඛා මොනවාද?



කළු කොටුව හරහා  අපි රේඛාවක් අඳිනවා.


 කළු කොටුව හරහා අපි අඳින රේඛාව නිසා
කොටුව හැඩතල දෙකකට බෙදෙනවා.


 කළු කොටුව හරහා අපි අඳින රේඛාව නිසා
දෙකට බෙදෙන කොටුවෙ හැඩතල  වල  වර්ණ වෙනස් වීමෙන්
ඒ හැඩතලවලට ගැඹුරක් එක් වෙනවා.



 අපි තව රේඛාවක් අඳිනවා.
 අපි අඳින අලුත් රේඛාව නිසා
කොටුව හැඩතල තුනකට බෙදෙනවා.



වර්ණ වෙනස් වීමෙන් ඒ හැඩතලවලට ගැඹුරක් එක් වෙනවා.



අපි අඳින අලුත් රේඛාව නිසා
කොටුව හැඩතල හතරකට බෙදෙනවා.



 වර්ණ වෙනස් වීමෙන් ඒ හැඩතලවලට ගැඹුරක් එක් වෙනවා.



 රේඛා සහ හැඩතල ඡායාරූපයකට බලපාන්නේ ඒ විදියටයි.
ඡායාරූපවල මේ රේඛා දකින්නට නැතත් අපි සිතින් දකිනවා.
 


රේඛා සහ හැඩතල ඡායාරූපයකට බලපාන්නේ ඒ විදියටයි.



ඔබට මෙහි දැකිය හැකි රේඛා මොනවාද?


මේ රේඛා රටාව
මෙම ඡායාරූපයෙහි සුන්දරත්වයට ප්‍රධානම හේතුවයි






=======================================================================


Shanaka Kulathungaගෙ මේ ඡායාරූපය 
හේතු කිහිපයක් මත අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්...
   
ඔහු චිත්‍ර කලාව හැදෑරූ චිත්‍ර ශිල්පියෙක්..

මේ ඡායාරූපයට රීති කිහිපයක්ම
හොඳින් උපයෝගී වෙලා තියනවා.

 1
 ප්‍රධාන හැඩතල දෙක අතර අනුපාතය
දෙකට තුන වගේ ප්‍රියජනක අනුපාතයක්.
2
S වක්‍රය උපයෝගී වෙලා.

S වක්‍රය
දෘශ්‍ය කලාවේ
ඉතාම ජනප්‍රිය සම්පිණ්ඩණ රටාවකි.

S වක්‍රය සහිත රූප සිත් ඇදගන්නා සුළුය.

සරල රේඛාවක්
එහි යාන්ත්‍රික බවෙන්
මදක් මිදෙන්නේ
එය කවයක් වූ විටය.

S වක්‍රය
එහි ඉතාම සරල
වඩාත්ම රිද්මයානුකූල අවස්ථාවයි.

S වක්‍රය මගින්
අපේ සිතෙහි ජනිත කරන ලාලිත්‍යයට
අපි ප්‍රිය කරන්නෙමු
http://farm8.staticflickr.com/7010/6703638113_5c9eaba152_z.jpg

3
බෝට්ටුවත් කඹයත්
ලස්සණට ස්ථානගත වෙලා තියනවා.
බෝට්ටුවෙන් S වක්‍රය කැපිලා.
කඹය සහ බිම තියන කඩතොළු නිසා
දෙවෙනි විශාල හැඩය මතුවීම අඩුවෙනවා.
4
ස්පර්ශක දෝෂ වලින් තොරව මිනිසුන්ගෙන් සහ
බෝට්ටුවෙන් S වක්‍රය කැපිලා තියනවා.

 
=============================================================
https://www.facebook.com/photo.php?fbid=188857341317104&set=gm.189070001283522&type=1&relevant_count=1&ref=nf
=============================================================


 
හැඩතල වල සීමාව රේඛාවක් විදියට
ඡායාරූපයකට බලපාන විදියටත්
ඊට වෙනස්වත් රේඛා ඡායාරූපවලට බලපානවා.
මේ ඡායාරූප විග්‍රහ කරන්න බලන්න.


 සැබෑ ජීවිතයේදී මේ රේඛා සහ
රේඛාවන්ගෙන් මැවෙන රටා දකින්නට ඇස උරු කරගන්න..
වීව් ෆයින්ඩරය තුළින් ඔබ දකින රිද්ම රටා
ඡායාරූපය ගන්නට පෙර සිතින් විඳින්න.



ඡායාරූපවල රේඛා දකින්න.
අපි සිතින් දකින රේඛා ඡායාරූපවල හඳුනාගන්න.







පැරණි පුවත්පත් වල ඡායාරූප මත
හැඩතල අනුව රේඛා වෙන්කොට බලන්න.


මේ බඳුන අනිත් පැත්තෙ තිබුණා නම්....???

සියලුම රේඛා වමට යද්දි
බඳුනත් ඒ පැත්තෙම තියනවාට වඩා

අනික් පැත්තෙ තියන එක හොඳයි..

මෙහි ගස්කඳන් අපිට දැනෙන්නේ රේඛා විදියටයි..


========================================================
 ලිපියෙහි ආරම්භය පමණි මේ..