20130602

CROP පුහුණුව






එක ඡායාරූපයක් තුළ
තවත් විවිධ ඡායාරූප දැකීමට ඔබේ ඇස සහ සිත හුරු කිරීමෙන්
ඡායාරූප ගත කරන දර්ශනයක අවශ්‍ය ප්‍රදේශය තෝරා ගැනීමට
සහ සංස්කරණයේදී CROP කිරීමට පුහුණු වීම.



ඡායාරූපයකින්
ප්‍රධානවශයෙන්ම පිළිබිඹුවන්නේ
ඡායාරූපය ගත් ඡායාරූපශිල්පියාමය.

ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය,
ඔහුගේ සිහිය,
අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව,
අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ
අරමුණ සමග එකවරම දැකීමේ හැකියාව,
ඔහු බලන කෝණය,
සමීප, මධ්‍යම හෝ දූර රූපීය බව,
සුන්දරත්වය දැකීම -
එනම් වර්ණ , රේඛා, හැඩතල ආදියෙහි
අන්‍යෝන්‍ය රිද්මය විඳීමට හා
සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව,
ඡායාරූප ශිල්පියාගේගේ දරා සිටීමේ හැකියාව,
ජීවිතය දෙස ඔහු බලන ආකාරය,
ඔහු හොඳ නරක දකින ආකාරය,
ඔහුගේ මානව දයාව හෝ දුෂ්ඨ කම ආදියත්
මේ සියල්ලටම වඩා
ඔහුට රසිකයා පිළිබඳ ඇති ගෞරවය හා විශ්වාසයත්
ඔහුගේ ඡායාරූපයෙන් පිළිබිඹු වෙයි.

ඡායාරූප ශිල්පියෙක්
කිසියම් සුන්දර දර්ශනයක් දුටුවිට
එම මුළු දර්ශනයම,
ඇසට පෙනෙන අයුරින්ම
ඡායාරූපයට නගන්නේ නැත.

ඔහු ඡායාරූපය ඉදිරිපත් කිරීමේදී
රසිකයා තුළ ඇතිවෙන හැඟීම පිළිබඳව
ඔහුගේ අත්දැකීම මත පදනම් වූ
අනුමානයක් ඔහු තුළ වෙයි.
ඒ අනුව ඔහු එම දසුනෙහි
ඔහුට රිසි හැඟීම දනවන
සාරවත්, රසවත්, හරවත් දෙයක්
තෝරාගනියි.

ඊට ගැලපෙන
වර්ණ, හැඩතල ආදිය
රිද්මයානුකූලව සංකලනය වූ
පසුබිමක් සැකසෙන අයුරින්
නිසි කෝණයක් තෝරාගනියි.

ඔහු විශේෂයෙන් දුටු
සාරවත් බව, රසවත් බව, හරවත් බව
උද්දීපනය කළ හැකි
නිශ්චිත දේවල් පමණක් තෝරාගෙන
ඡායාරූප ගත කරයි.

බොහෝ විට එම ඡායාරූපය තුළද
වෙනස් හැඟීම් පහළ කරවන
තවත් රූප රාමු තිබිය හැක.

කැමරාව ගෙන ඉදිරියට යාමෙන්
හා zසූම් කිරීමෙන්
ඡායාරූප ශිල්පියා
එම රූප රාමු සොයා ගනියි.
මෙහි ඉදිරිපත් කර ඇති ඡායාරූප දෙසත්
ඒ අයුරින්ම බලන්නට
මෙම අභ්‍යාසයේදී
ඔබට සිදුවේ.

මෙම අභ්‍යාසයෙහි අරමුණ
සංස්කරණය නොවේ.
මුල් ඡායාරූපයට වඩා
විශිෂ්ඨ ඡායාරූප නිමැවීමද නොවේ.
 ඔබ දක්ෂයෙක් නම්
නිතැතින්ම එය සිදුවනු ඇත.

මෙහි අරමුණ
එකම ඡායාරූපයක් තුළ
වර්ණ, හැඩතල ආදිය රිද්මයානුකූලව සංකලනය වූ
ව්විධ ඡායාරූප දැකීමට ඔබේ ඇස සහ සිත හුරු කිරීමයි.


ඔබ කළ යුත්තේ
අප විසින් දෙන ලද
ඡායාරූපයක් නැවත ක්‍රොප් කිරීමෙන්
ඒ තුළම ඇති වෙනස් ආකාරයේ
ඡායාරූප සෙවීමයි.

ආරම්භයේදී
ඔබ ඉදිරිපත් කරන ඡායාරූප
සාමාන්‍ය මට්ටමේ
ගුණාත්මක අගයක් තිබීම
ප්‍රමාණවත්ය.

අවශ්‍ය වන්නේ වර්ණ, හැඩතල,
එළිය අඳුර, රේඛා ආදියෙහි
රිද්ම රටා දැකීමත්
ඒවා මනාව සම්පිණ්ඩණය වන
රූප රාමු තෝරා ගැනීමට
ඇසත් සිතත් හුරු කර ගැනීමයි.

ඔබට එක ඡායාරූපයකින්
කපාගත හැකි උපරිමය
කපා ගන්නට උත්සාහ කරන්න

මෙම හුරුව ඡායාරූප ගන්නා විට
ඔබට ප්‍රයෝජනවත් වනු ඇත..

ඉහත දැක්වෙන උදාහරණය අනුව අනිත් ඡායාරූප ක්‍රොප් කරන්න.
ඔබට අවශ්‍ය ඡායාරූපය මත ක්ලික් කරන්න.
එහි විශාලනය වූ ඡායාරූපය බාගත කරගන්න

=====================================

මේ යසන්ත බුද්ධික විසින් කළ ක්‍රොප් කිහිපයක්.
 Cropped by Yasantha Buddhika Gamage

ඔබට ස්තූතියි යසන්ත. :)
අති විශිෂ්ඨ ක්‍රොප්  කිහිපයක්ම තියනවා..

ඔබ වස්තූන්වල රිද්මය සහ  ත්‍රිමාණ රූපී බව සලකා බලා තියනවා..

ඕනම ඡායාරූපයක්  මේ විදියට ක්‍රොප් කරන්න පුලුවන්.

ඒත් හොඳ ක්‍රොප් ගොඩක් ලබන්න නම්
ස්ටීව් මැක්කරි වගේ කෙනෙකුගෙ ඡායාරූපයක්ම
තෝරාගත යුතුයි.
=================================================



 
බොහෝ දෙනෙකුට අභ්‍යාස වෙන්නෙ
තමන් ගන්නා ඡායාරූප විතරයි.

නවක වුණත් ප්‍රවීණ වුණත්
ඡායාරූප ශිල්පීන් අමතරව අභ්‍යාස කළ යුතුයි.

ඇත්තටම
ඡායාරූපයක් ගන්න වෙලාවටම
මේ දේ කැමරාවෙන්ම කරගන්න
මනස හුරු කිරීමයි
මේ අභ්‍යාසයෙන් සිදුවෙන වටිනාම දේ
සහ මූලික අරමුණත් විය යුත්තෙ.



පරිගණකය ඉදිරියෙ වාඩි වෙලා
නිදහසේ විවිධ කෝණ වලින් සිතමින්
ක්‍රොප් ගොඩක් කරල
මේ අභ්‍යාස වලින් මනස හුරුවෙනකොට..
කැමරාව අතේ තියාගෙන ඉන්න වෙලාවට
ඉක්මන් තීරණ ගන්න මනස හුරු වෙනවා.

වෙන අයගෙ ඡායාරූප දකිද්දිත්
ඒ තුළ තවත් ඡායාරූප දකින්න
මනස හුරු වෙනවා.

එහෙම ගත්ත ඡායාරූප
වැරදිලා ගිය වෙලාවට
සංස්කරණයෙදි ගොඩදාගන්නත්
ප්‍රයෝජන ගන්න පුලුවන්.













සම්පිණ්ඩණය කරනකොට
වස්තූන් වලට වඩා
හැඩතල හා වර්ණ පදාස දකින්න
ඇහැ හුරු කරගන්න.
කිසිම හේතුවක් නැතුව
වර්ණ පදාස රූප ගතකරල
ඇහැ හුරු කරගන්න..

මෙත්ත සේන කියනව වගේ
රිද්මය දුටු තැන ක්ලික් කරන්න.
වෙනත් ගතයුත්තක්
තියනවද කියල
පස්සෙ බලන්න.


Photos by Steve McCurry http://stevemccurry.com/
=========================================
මේ සටහනත් බලන්න

No comments:

Post a Comment