22210209

Ex Design 901 ඡායාරූපයක වර්ණ සහ හැඩ තල දැකීම



ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල


අපි රූපයක් දකින විට
ඉරියව්ව හා සත්ව වර්ගයා අනුවත්
වෙනත් නොයෙක් සමානතා අනුවත් සමාන දේවල්
නිරායාසයෙන්ම වර්ගීකරණය කොට කාණ්ඩ ගත කරනවා.

සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
සමාන ගුණ මත රූප කාණ්ඩ අප සිතට දැනෙනවා.


ඒ රූප කාණ්ඩ එක් වී
වෙනම හැඩ තල නිර්මාණය කරනවා.

පහසුව සඳහා වර්ණ, හැඩ හා හැඩතල විමසා බලමු.

ඔබට නොදැනුණත් මේ ගුණය
ඔබ ඡායාරූප වල දැකල ඇති..
මේ ගුණය නිසාම ඡායාරූප අරගෙනත් ඇති.

ඔබ මේ පිළිබඳව
හැදෑරුවොත් ඔබේ ඡායාරූපවලට
මෙම ගුණය එක්වී ඡායාරූපයෙහි අගය වැඩි වෙයි.
 ========================================================

පොදු උපදෙස් සඳහා ප්‍රවේශය කියවා බලන්න.
------------------------------------------------------

Ex Design 901 අභ්‍යාසය

අභ්‍යාසය කරන්නට පෙර මෙම ලිපිය කියවා වටහාගන්න.

ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න. 

 

පහත දැක්වෙන ඡායාරූප වල
සමාන වර්ණ වශයෙන් හා සමාන හැඩ තල වශයෙන්
දක්නට ලැබෙන කාණ්ඩ හඳුනාගෙන
මේ අයුරින් වෙන් කර දක්වන්න..







වර්ණය සහ ගත කරන ජීවිතය අනුව...


වර්ණය සහ ගත කරන ජීවිතය අනුව සමාන කාණ්ඩයක්...
ඉරියව්ව අනුව වෙනස්...




වර්ණය සහ ගත කරන ජීවිතය අනුව සමාන කාණ්ඩයක්...
ඉරියව්ව අනුව වෙනස්...
සමාන වර්ණය අනුව වෙනස් දෙයක් කාණ්ඩයට ඇතුල් වෙන අයුරු.

වර්ගයා අනුව වෙනස්....
ඉරියව්ව අනුව සමාන කාණ්ඩයක්


ඉරියව්ව හා වර්ගයා අනුව සමාන කාණ්ඩයක්

 

No comments:

Post a Comment