22220222

EX 001 - අභ්‍යාසය







Cover Photo

හිස් අවකාශයක ඇති වස්තුවක්
රාමුවකට කොටු කරගන්නා විට
එම වස්තුවත් රාමුවේ දාරත් අතර
ආතතීන් හට ගනියි.

ස්ථාන ගත වීම වෙනස් වූ විට
ආතතීන්ද වෙනස් වෙයි.

ස්ථාන ගත වීම වෙනස් වූ විට
වස්තුව හා අවට පරිසරයේ ඇති
අනෙක් වස්තූන් අතර ආතතීන් දුර්වල නම්
රාමුවට සාපේක්ෂව
වස්තුව නොසැලෙන වස්තුවක් ලෙස හෝ
ගමන් කරන වස්තුවක් ලෙස
දිස් විය හැක.

 නොසැලෙන වස්තුවක් ලෙස

 වමට ගමන් කරන වස්තුවක් ලෙස

දකුණට ගමන් කරන වස්තුවක් ලෙස


වස්තුව නොසැලෙන වස්තුවක් ලෙස හෝ
ගමන් කරන වස්තුවක් ලෙස දිස්වන රාමුව දකින අයට
එකිනෙකාගේ අත්දැකීම් අනුව හැඟීමක් ඇතිවෙයි.

එකිනෙකාගේ  හැඟීම 
ප්‍රමාණාත්මක වශයෙන් හා තියුණු බවින් වෙනස් වුවත්
මූලික ස්වභාවය බොහෝ දුරට සමානය.

මෙම අභ්‍යාසයෙන්
පුහුණු කරන්නට අදහස් කරන්නේ
වස්තුවත් රාමුවේ දාරත් අතර ආතතීන් ගැන හැඟීමෙන් යුතුව
වස්තුව ස්ථාන ගත කර ගැනීම පුහුණු වීමයි.

පහත දැක්වෙන රූපවල  ප්‍රධාන අරමුණු
විවිධ තැන්වල ස්ථාන ගත කරන්න.

එක් අයෙක් එක් රූපයකින්
අවම වශයෙන් විවිධ රාමු පහක් හෝ ක්‍රොප් කරන්න.

එම රාමු පිළිබඳව විශේෂ අදහස් ඇත්නම් ඉදිරිපත් කරන්න.


 -----------------------------------------------------------------------------------------



EX 001 A සිට  EX 001 E  දක්වා 
පළමු රූප පෙළ ක්‍රොප් කරන විට
පිළිවෙළින් පුහුණුවන්නට අදිටන් කරගන්න.

පළමුව තිත ක්‍රොප් කිරීමෙන් අරඹන්න.

තිත ඔබ කැමති ආකාරයට ක්‍රොප් කරන විට
තිත ඔබ දන්නා යමක් ලෙස සිතේ මවා ගන්න.

පහත දැක්වෙන්නේ
අහසින් වැටෙන ගෝලයක්
උප කල්පනය කල අවස්ථාවකි.




ඔබ කැමති ආකාරයට ක්‍රොප් කරන තිත
පරිගණක තිරයේ කලු තිතක් නොව
හිස් අවකාශයේ හෝ තලයක් මත ඇති
පැතලි වෘතාකාර හැඩයක් හෝ ගෝලාකාර වස්තුවක් ලෙස
සිතේ මවා ගන්න.



හිස් අවකාශයක ඇති වස්තුවක් රාමුවකට කොටු කරගන්නා විට
එම වස්තුවත් රාමුවේ දාරත් අතර ආතතීන්  හට ගනියි
රාමුව සකස් කරන හැම විටම
වස්තුව හා රාමුවේ දාර අතර
ආතතීන් සිතින් දකින්න.



හිස් අවකාශයේ හෝ තලයක් මත ඇති
පැතලි වෘතාකාර හැඩයක් හෝ ගෝලාකාර වස්තුවක් ලෙස
සිතේ මවා ගන්නා දෙය ඔබට සිතින් විඳිය හැකි ඕනෑම දෙයක් විය හැක.


https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn2/q77/s720x720/1236934_10200523304031806_229992996_n.jpg
A, අහසේ දිලෙන තරුවක් හෝ සඳක්  විය හැක.


B,  සුදු රෙද්දක කලු තිතක් විය හැක.

C, අහසෙහි පාව යන කලුපාට බැලූනයක් විය හැක.

D, අවකාශයෙහි පිටතට වීසිවී යන
කලුපාට බෝලයක් විය හැක.

E, අහසින් වැටෙන බෝලයක් විය හැක.


F, බිම වැටී තිබෙන කලුපාට බෝලයක් විය හැක.

G, බිම වැටී ඉහළ නගිමින් ඇති කලුපාට බෝලයක් විය හැක.

H, බිම වැටී තිබෙන කවාකාර වස්තුවක
අපට පෙනෙන කෙළවර විය හැක.



I, බිත්තියක සිදුරක් විය හැක.
 https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/q77/s720x720/1234826_10200523322592270_829142248_n.jpg

J, ඔබට දැනෙන  වෙනත් දෙයක් විය හැක.
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1185249_10200523320192210_517494761_n.jpg


ඔබට සිතින් විඳිය හැකි ඕනෑම දෙයක් විය හැක.

https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/q83/s720x720/1174790_10200523313272037_148775738_n.jpg

ඔබට කුමක් හෝ හැඟීමක්‍ දැනෙන විට
ඔබ සිතින් විඳින වස්තුව
ඔබ තෝරාගන්නා රාමුවෙහි කොතනක ස්ථාන ගතකළොත්
වඩාත් හොඳින් ඔබට ඒ හැඟීම දැනෙනවාදැයි
සන්සුන්ව, පැහැදිලිව සිතා
ඒ හැඟීමට අනුව ක්‍රොප් කරන්න. 

පහත දැක්වෙන
සියලුම හැඩතල මේ අයුරින් සිතා
හැඟීමකට අනුව ක්‍රොප් කරන්න.


EX 001 A


EX 001 B

EX 001 C
EX 001 D
EX 001 E


ඉතා වැදගත්.

මෙතෙක් මේ ක්‍රියාකාරකම පුහුණු වුණ බොහෝ දෙනෙක්
මුලින්ම ක්‍රොප් කළේ,  පහත දැක්වෙන ඡායාරූප පෙළයි.
බොහෝ දුරට දැන් ඔබ කරන්නට සැරසෙනවා ඇත්තේත් එයමයි.

එහෙත් මෙමෙ ඡායාරූප වලට ඔබ පැමිණිය යුත්තේ
මුල් ක්‍රියාකාරකම් සියල්ලම පිළිවෙළින් කළ පසුවයි.
එම පිළිවෙළ අනුගමණය කිරීමෙන් පසුව
මෙම ඡායාරූප ක්‍රොප් කරනවිට
ඔබ දකින ආකාරයේ වෙනසක් සිදුවී නැත්නම්
ඔබට, මට හෝ අප දෙදෙනාටම වැරදී ඇත.

ඔබ වැරදි පිළිවෙළකට ක්‍රියාකාරකම කළොත්
වරද නිශ්චිතවම ඔබ අත විය හැක.

EX 001 F

EX 001 G

EX 001 H

EX 001 I

--------------------------------------------------------------------------------

උපදෙස් සඳහා පහත දැක්වෙන පිටුවට පිවිසෙන්න.

පොදු උපදෙස්





No comments:

Post a Comment